25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදර කැඩීමට ගිය අයෙක් අතුරුදන්

දර කැඩීමට ගිය අයෙක් අතුරුදන්

නුවරඑළිය පොලිස් වසමේ හාවාඑළිය ගාඩ්වත්ත රක්ෂිතයට ගිය පුද්ගලයෙක් අතුරුදන් වී තිබේ.

එම පුද්ගලයා නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් විසින් නුවරඑළිය පොලීසියට ඒ පිළිබඳව පැමිණිල්ලක් සිදු කර තිබේ.

මොහු දර සෙවීම සඬහා එම රක්ෂිතයට ඇතුල් වී ඇති අතර මෙලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 49ක් වූ එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (21) නුවරඑළිය පොලීසියේ නිලධාරීන්, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව එම පුද්ගලයාව සොයා රක්ෂිතය තුළ මෙහෙයුම් දියත් කර ඇත.

එහිදී එක්ෂිතය මැද තිබී අතුරුදන් වූ පුද්ගලයාගේ යැයි සැකකරනු ලබන පාවහන් යුගලක් හා කබායක් හමු වූ බවයි පොලීසිය පවසන්නේ.

අතුරුදන් වූ පුද්ගලයා මෙතෙක් හමුවී නොමැත. පොලිස් නිල සුනඛයින් යොදා ගනිමින් තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබන බවයි පොලීසිය සඳහන් කළේ.