29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගොවීන්ට වවුචර් ලබාදීම අද සිට

ගොවීන්ට වවුචර් ලබාදීම අද සිට

යල කන්නයේ වී වගාවේ නිරත ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා වවුචර් ලබාදීමේ වැඩපිළිවෙළ අදින් (22) ආරම්භ වෙයි.

ඒ අනුව හෙක්ටයාරයක වී වගාවක් සඳහා රුපියල් 20,000ක සහනාධාර මුදලක් හිමිවනු ලබන අතර හයලක්ෂ පනස් දහසක ගොවීන්ට අදාළ සහනාධාරය හිමිවීමට නියමිත බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගොවීන්ගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් ඔවුන්ට අවශ්‍ය රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා අදාල සහනාධාරය ලබාදෙනු ලබන අතර
ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10 කි.