මෙරට ආරථිකයට විශාල දායකත්වය ලබා දෙන ඇගළුම් කර්මාන්තය මේ වන විට දරුණු කඩාවැටීමකට ලක්ව ඇත.
ඒ අනුව මේ වසරේ අප්‍රේල් මාසයේ ඇගළුම් අපනයනයෙන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 318ක් වන අතර එය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ උපයන ලද ඇමරිකානු ඩොලර් මිලියන 526 ක ආදායම හා සසදා බැලීමේ දී 24% ක අති දැවැන්ත පහත වැටීමකි.
මේ වසරේ මුල් මාස හතර තුළ ඇගලුම් අපනයනයෙන් උපයා ඇති ආදායම, පසුගිය වසරේ මුල් මාස හතර තුළ උපයා ඇති ආදායම හා සසදා බැලීමේ දී 17% කින් පහත වැටී තිබේ.
2018 අප්‍රේල් මාසයෙන් පසුව, ඇගලුම කර්මාන්තයෙන් අඩුම ඉපැයීම් ප්‍රමාණයක් වාර්තා කර තිබෙන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේදීය.