31.7 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබණ්ඩාරවෙල ගුටි පූජාවට සම්බන්ධ සිසුන් 05ක් අත්අඩංගුවට

බණ්ඩාරවෙල ගුටි පූජාවට සම්බන්ධ සිසුන් 05ක් අත්අඩංගුවට

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් අතර ඇති වූ පහරදීමේ සිද්ධියට සම්බන්ධ පාසල් සිසුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගැනුණු එම සැකකාර සිසුන් අද (23) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

අප සිදුකළ සොයා බැලීමකදී අනාවරණය වුණේ මෙම පහරදීමේ සිද්ධියට බණ්ඩාරවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල් තුනක 11 වන වසරේ සිසුන් පිරිසක් සම්බන්ධ බවයි. මෙම පහරදීමට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍යවල ප්‍රචාරය වීමත් සමඟ බණ්ඩාරවෙල පොලීසිය සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහි සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදෙන ආකාරය සහ තියුණු ආයුධයකින් තුවාල සිදුකිරීමට උත්සහ කිරීමට යන ආකාරය දැක්වෙන අතර මෙහිදී තුවාල ලැබූ එක් සිසුවෙක් රෝහල් ගතව ඇති බවත් වාර්තා වුණා.