30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදැරියන්ට නොමනාකම් කළ තවත් ගුරෙක් අත්අඩංගුවට

දැරියන්ට නොමනාකම් කළ තවත් ගුරෙක් අත්අඩංගුවට

පාසල් දැරියන් අපයෝජනය කිරීමේ චෝදනාව මත උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරු ප්‍රදේශයේ 41 හැවිරිදී උපකාරක පන්ති ගුරුවරයෙක් වන අතර ඔහු මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඉකුත් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදීම මෙම උපකාරක පන්ති ගුරුවරයා විසින් පාසල් දැරියන් අපයෝජනයට ලක් කර ඇති බව අනාවරණය වී ඇති අතර එලෙස අපයෝජනයට ලක් වූ දැරියන් 6 දෙනෙකුගේ දෙමාපියන් විසින් පොළොන්නරුව පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබේ. ඒ අනුවයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබේ.