28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමර්වින්ට එරෙහි නඩුව කල් යයි

මර්වින්ට එරෙහි නඩුව කල් යයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කලහකාරී ආකාරයෙන් හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහි පැමිණිල්ල නොවැම්බර් මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (23) කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අධිකරණයේ පෙනී සිටියා.

විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි. ඒ අනුව අදාළ පැමිණිල්ල නොවැම්බර් මස 07 වනදා කැදවීමට වීමට නියම කළ අධිකරණය එදිනම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කළා.