― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෙල්වරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට

සෙල්වරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට

යාපනයේ අනවසරයෙන් ඉදිකරන ලද බෞද්ධ විහාරස්ථානයක් ඉවත් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත වූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සෙල්වරාසා ගජේන්ද්‍රන්ගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ පාක්ෂිකයින් කිහිප දෙනෙකු අද විහාරස්ථානයට මදක් ඈතින් විරෝධතාවයක් පවත්වා ඇති අතර එම අවස්ථාවේදී එහි පැමිණි පලාලි පොලිසිය නියෝග කර ඇත්තේ එහි සිටි සැමටම එම ස්ථානයෙන් විසිර යන ලෙසයි.

ඒ අනුව සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු 09 දෙනෙකු නීතිවිරෝධී රැස්වීම් සහ මහජන සාමය කඩ කිරීමට තැත් කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.