― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeWorldඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පොළව ගිලා බසින බවට අනාවරණයක්

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පොළව ගිලා බසින බවට අනාවරණයක්

අමෙරිකාවේ ජනාකීර්ණම නගරයක් වන නිව්යෝර්ක් නගරය පොළවට ගිලා බසිමින් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ කර තිබේ.

නගරයේ ඉදිකර ඇති උස් කුළුණු සහ ගොඩනැගිලිවල බර හේතුවෙන් නගරය මෙසේ ගිලා බසිමින් පවතින බවයි පර්යේෂකයින් හඳුනාගෙන ඇත්තේ.

දත්තවලට අනුව නිව්යෝර්ක් නගරය වසරක කාලයක් තුළ මිලිමීටර් 1ත් 2ත් අතර සැලකිය යුතු අගයකින් ගිලා බසිමින් පවතියි.

හරිතාගාර ආචරණය හේතුවෙන් ලොව වටා ග්ලැසියර දියවෙමින් සාගර ජල මට්ටම ඉහළ යමින් පවතින අතර එමගින් නිව්යෝර්ක් ගිලා බැසීම තීව්‍ර වන බවයි විද්‍යාඥයින් පවසන්නේ.

නිව්යෝර්ක් ආසන්නයේ සාගර ජල මට්ටම 1950 දී පැවති අගයට වඩා සෙන්ටිමිටර් 22කින් ඉහළ යමින් ඇතැයි ද මේ වාර්තාවන් හි සඳහන්ව තිබේ.

පවතින අවදානම හමුවේ නිව්යෝර්ක්හි වෙසෙන මිලියන 8.4ක ජනතාවට ජල ගැලීම් වැනි ස්වභාවික ආපදාවන්ට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවනු ඇතැයි ද විද්‍යාඥයින් පෙන්වා දෙයි.