27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනැවතී තිබූ සිංගප්පූරු හෙද කෝටාව යළි මෙරටට

නැවතී තිබූ සිංගප්පූරු හෙද කෝටාව යළි මෙරටට

ශ්‍රී ලාංකික හෙද හෙදියන් සඳහා සිංගප්පූරු රැකියා කෝටාව යළි අරඹා තිබේ.

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා නිකුත් කළ ලිපියක් හේතුවෙන් නතර පසුගියදා මෙම කෝටාව නවතනු ලැබූ අතර එහි පළමු කණ්ඩායම ලෙස හෙද හෙදියන් 36ක් සිංගප්පූරුව වෙත පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම කණ්ඩායම පිළිගැනීමේ උත්සවය සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් හා සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රධානත්වයෙන් රෝයල් හෝටලයේදී පැවැත්විණි.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෂිකලා ප්‍රේමවර්ධන, එහි කම්කරු අංශයේ උපදේශක නිපුණ තිබ්බටුමුණුව යන අයගේ මැදිහත්වීමෙන් එම රැකියා කෝටාව යළි මෙලෙස හිමිව තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලාංකික හෙද හෙදියන් 200කට එරට රැකියා හිමිවන අතර ඉදිරි දිනවල සෙසු පිරිස එරටට ළඟාවීමට නියමිතය.