28 C
Colombo
Wednesday, October 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළිසබත් රැජිනගෙන් කැමිලාට මිල කළ නොහැකි ඔටුන්නක්

එළිසබත් රැජිනගෙන් කැමිලාට මිල කළ නොහැකි ඔටුන්නක්

චාල්ස් කුමරුගේ ඔටුණු පැළඳවීමේ උත්සවයේදී කෝන්වෝල් හි කැමිලා පාකර් ආදිපාදවරියට තම මිල කළ නොහැකි ඔටුන්න පරිත්‍යාග ලබා දිමට දෙවැනි එලිසබත් රැජින සූදානමින් සිටින්නිය.

මෙම ඔටුන්නට මිල කළ නොහැකි කොහිනූර් දියමන්තියක් ඔබ්බවා ඇත. දියමන්ති 2868,නිල් මැණික් 17,මරකත මැණික් 11, මුතු ඇට 269 සහ තවත් මැණික් ගල් 4 කින් ඔටුන්න අලංකාර වී ඇත.

දෙවැනි එලිසබත් රැජිනගේ ඔටුන්න පැළඳීමට ලැබීම තමන්ට ඉතාමත් ගෞරාවයක් බව කැමිලා ආදිපාදවරිය පැවැසුවාය.

මෙම ඔටුන්න 1937 දී හයවෙනි ජෝර්ජ් රජතුමාගේ ඔටුණු පැළඳවීමේ උත්සවයට විශේෂයෙන්ම නිර්මාණය කළ එකකි. මෙම මිල කළ නොහැකි අවුරුදු 85 ක් පැරණි රාජකීය ඔටුන්නේ නව හිමිකාරිය වීමට කැමිලා ආදිපදවරිය බලාපොරොත්තුවෙන් පසුවෙයි.

විමුක්ති එස් රුද්‍රිගු – රොයිටර්ස්