27.2 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුටුව බෙදාගන්න බැරුව නීතිඥවරු දෙදෙනෙක් ගුටි කෙළියක

පුටුව බෙදාගන්න බැරුව නීතිඥවරු දෙදෙනෙක් ගුටි කෙළියක

නීතීඥවරයකු විසින් තවත් නීතිඥවරයකුට පහර දී බැණ තර්ජනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ හවුවීම් ශාලාවේ පුටුවක් බෙදා ගැනීමට නොහැකිවයි ඔවුන් දෙදෙනා ඊයේ (25) මෙලෙස රණ්ඩු වී ඇත්තේ.

පහර කෑමට ලක් වූ නීතිඥවරයා රෝහලේ නතර වන බව පවසමින් අධිකරණ පෝරමයක්ද රැගෙන පිටව ගොස් ඇති අතර අදාළ නීතිඥවරයා පුටුවක වාඩි වී සිටිය දී පහරදුන් බව කියන නීතිඥවරයා හා තවත් දෙදෙනෙකු පැමිණ ඔහුගේ ඇගේ හැප්පී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අවස්ථාවේ දී අදාළ නීතිඥවරයා “ඇයි අයි‍යේ අවුලක්ද?” යනුවෙන් අසා ඇති අතර පහරදුන් බව කියන නීතිඥවරයා “උබ මොකද මෙතන වාඩිවෙලා ඉන්නේ නැගිටලා පලයන්” යනුවෙන් පවසමින් කම්මුලට පහරක් එල්ල කර ඇත.