― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජීවන්ගෙන් නැගෙනහිර පානීය ජල ප්‍රශ්නයට විසඳුම්

ජීවන්ගෙන් නැගෙනහිර පානීය ජල ප්‍රශ්නයට විසඳුම්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්, පළාත් ප්‍රධාන ලේකම් සහ අමාත්‍යාංශවල ඉහළ පෙළේ නිලධාරීන් ජල සම්පාදන හා වැවිලි යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් හමුවී නැගෙනහිර පළාතට අදාළ ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කර තිබේ.

විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ පානීය ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන ලෙසයි ඔවුහු එහිදී ඉල්ලා සිටියේ. ඒ සඳහා කටයුතු සම්පාදනය කරන බවට ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා සහතික වී ඇත.

එහි කොටසක් ලෙස පසුගාමී ප්‍රදේශවල ජල ගැටලුව විසඳීමට ප්‍රාදේශීය සභාවලට නව ජල නළ ලබාදීමට පියවර ගන්නා බවත් එම ධුරයට පත්වීමෙන් පසු නැගෙනහිර ප්‍රදේශයේ සිදුකරන ව්‍යාපෘති පිළිබඳවත් ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා පැහැදිලි කළේය.