26 C
Colombo
Monday, November 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන වසා දැමීමේ තීරණය කල් දැමේ

ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන වසා දැමීමේ තීරණය කල් දැමේ

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ පවතින ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන මේ මස අවසන් වන විට වසා දැමීමට රජය ගත් තීරණය දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන සමාජ, කලා, සංස්කෘතික ගැටලු රැසකට සම්බන්ධ බවත් ඒවා ආදායම් උපදවන මධ්‍යස්ථාන බවත් ඒවා වහා වසා නොදැමීමට කටයුතු කරන ලෙසත් ඒවා පුනරුත්ථාපනය කිරීමේ කටයුතු පිළිබඳව සොයා බලන ලෙසත් ජනාධිපති රනිල් උපදෙස් දී ඇති බව අනාවරණය වේ.

නැගෙනහිර පළාතේ පිරෙයි එෆ් එම් සහ උතුරේ යාපනය එෆ් එම් ඇතුළු ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන කිහිපයක් මේ මස අවසන් වන විට සිය සේවාවන් නතර කිරීමට නියමිතව තිබීම විශේෂත්වයකි.