― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමරණ දණ්ඩනය ලැබූ අයෙකුත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට

මරණ දණ්ඩනය ලැබූ අයෙකුත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය සඳහා මරණ දඬුවම ලබා සිටින සිරකරුවෙකු ඇතුළු බන්ධනාගාර රැඳවියන් 10 දෙනෙකු පෙනී සිටී.

බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මරණ දඬුවම ලැබූ එක් අයකු ඇතුළු පස් දෙනෙකුද, වටරැක බන්ධනාගාරයේ රැඳවූවන් පස් දෙනෙකුද මෙම විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බවයි.

විභාගය සඳහා පෙනී සිටින වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් පිරිස නව මැගසින් බන්ධනාගාරයේ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානයේදී හා වටරැක බන්ධනාගාරයේ රැඳවූවන් පිරිස එම බන්ධනාගාරය තුළ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානයේදී පෙනී සිටියි.