29.2 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ

සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 17 වැනිදා දක්වා යළි දීර්ඝ කර තිබේ.

ඒ අනුව අයදුම්පත් කැඳවීම සඳහා ලබා දී තිබූ කාලය හෙට (10) දිනයේ සිට ලබන 17 වනිදා දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

වි‍භාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස අදාළ උපදෙස් පරිදි මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතින අතර පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරයා වෙත ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කරමින් අයදුම්පත් යොමු කළ යුතුය.

එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන් ලබාදී ඇති උපදෙස් පරිදි මාර්ගගත ක්‍රමය ඔස්සේ නිවැරදිව අයදුම්පත් යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.