32 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිසුවියකට අසැබි පින්තූර යැවූ ගුරුවරයා අත්අඩංගුවට

සිසුවියකට අසැබි පින්තූර යැවූ ගුරුවරයා අත්අඩංගුවට

තඹුත්තේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසලක ගුරුවරයෙකු විසින් වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ පාසල් සිසුවියකට අසභ්‍ය දර්ශන හා පණිවිඩ යැවීමේ චෝදනාව මත තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා රාත්‍රියට පාසල් සිසුවියට අසභ්‍ය දර්ශන හා පණිවිඩ යවා ඇති බවයි ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ.

සැකකරු මලියදේව පුර, තඹුත්තේගම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය පවසන්නේ.

පාසල් සිසුවියගේ දෙමාපියන් විසින් පරිවාස කාර්යාලය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද(31) දින තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.