මේ වසරේදී පශු වෛද්‍යවරුන් 60 දෙනෙකු පමණ විදේශගත වී ඇති බව අනාවරණය වී තිබේ.
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මේ හේතුවෙන් ක්ෂේත්රයේ දැඩි අර්බුදයක් හටගෙන ඇති බවයි.
වනජීවී හා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ ද පශු වෛද්‍යවරුන්ගේ හිඟයක් මතුව ඇති බවත් මෙරට කිරි නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රමාණයක් නිපදවන නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොට්ඨාස 6ක් සඳහා පශු වෛද්‍යවරුන් නොමැති බවත් එම සංගමයේ සභාපති සිසිර පියසිරි අවධාරණය කළේය.