නවසීලන්තයේ – ඕක්ලන්ඩ් දූපත් ආසන්නයේ ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.2ක අගයක් ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මේ දක්වා හදිසි සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර භූ කම්පනය සිදුවූ ඕක්ලන්ඩ් හි ආසන්නතම ඉන්වකාර්ගර්ල් නගරයට ඉන් බලපෑමක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.