23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියට අත්සන් තැබේ

මෙරට පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියට අත්සන් තැබේ

ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියට කොරියානු රජය ඇමරිකානු ඩොලර් මිලියන 5.2 ක මුදලක් පිරිනමා තිබේ.

එම ව්‍යාපෘති සඳහා වන කොරියානු තාක්ෂණ සංවර්ධන ආයතනය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුමට අද (31) පෙරවරුවේ අත්සන් තැබීය.

සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරිඉබ්බන් වැව මත ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘති දෙක කොරියානු ඉංජිනේරු සමාගම හරහා ක්‍රියාත්මක වේ.

මෙගාවොට් 1 බැගින් වන මෙම ව්‍යාපෘතිය ලබන වසරේ (2024) දෙසැම්බර් වන විට ජාතික පද්ධතියට එකතු කිරීමට නියමිතය.