― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරතුකුරුස සංවිධානයේ මහලේකම් අගමැති හමුවෙයි

රතුකුරුස සංවිධානයේ මහලේකම් අගමැති හමුවෙයි

අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම් ජගාන් චැපගන් සහ එම දූත පිරිස ඊයේ (08) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවූහ.

කොවිඩ් වසංගතය ඇතුළු ඉතිහාසයේ ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දුන් සෑම ව්‍යසන අවස්ථාවකදීම ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය ඔස්සේ තම ජනතාව වෙත ලබා දුන් මානුෂවාදී ආධාර උපකාර වෙනුවෙන් අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයට සිය කෘතවේදීත්වය පිරිනමන බව අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

ලොව පුරා විසිරී සිටින සිය සාමාජික රටවල් අතර ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඉතා ක්‍රියාශීලී සහ විනිවිදභාවයෙන් කටයුතු කරන ඉදිරියෙන්ම සිටින සාමාජිකයෙකු බව පෙන්වා දුන් අන්තර් ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම් ජගාන් චැපගන්, ඉදිරි සහන සේවා කටයුතුවලදීද ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රමුඛත්වයක් ලබාදී ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ප්‍රතිලාභ ලබාදීමට බලාපොරොත්තු වන බවට විශ්වාසය පළ කළේය.

ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතාගේ නායකත්වයෙන් ඉටු කරන කාර්ය භාරය වෙනුවෙන් රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.