29.3 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෛනික ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

දෛනික ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

දෛනිකව රෝහල්ගත වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පසුගිය සති කිහිපයට සාපේක්ෂව වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෙම සතිය තුළ ‍රෝහල්ගත වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 800 ඉක්මවා ඇති බවයි වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු සඳහන් කළේ.

මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 24ක පමණ පසුගිය සතියට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බව වෛද්‍යවරයා අවධාරණය කළේය.

වසරේ මේ දක්වා හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39,028කි.