― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදෛනික ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

දෛනික ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

දෛනිකව රෝහල්ගත වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පසුගිය සති කිහිපයට සාපේක්ෂව වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෙම සතිය තුළ ‍රෝහල්ගත වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 800 ඉක්මවා ඇති බවයි වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු සඳහන් කළේ.

මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 24ක පමණ පසුගිය සතියට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බව වෛද්‍යවරයා අවධාරණය කළේය.

වසරේ මේ දක්වා හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39,028කි.