29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.

‘ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු’ යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාවයි.

පාරිසරික ගැටළු සම්බන්ධව ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීමේ අරමුණින් 1972 වසරේ දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති ජාත්‍යන්තර පරිසර සමුළුවේදී ගන්නා තීරණයකට අනුව බිහිවූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සමාරම්භක දිනය සැමරීම උදෙසා, සෑම වසරකම ජුනි මස 05වන දින ජගත් පරිසර දිනය වශයෙන් නම්කරනු ලැබුවා.

එක් එක් වර්ෂයන්හි දී විශේෂිත තේමා යටතේ ජගත් පරිසර දිනය සමරනු ලබනවා. ඒ අනුව මෙවර ජගත් පරිසර දිනය ලෝක ප්‍රජාවටම සුවිශේෂී අවස්ථාවක් ලෙස සලකා සැමරීමට අවස්ථාව උදාවනු ඇති.

මෙරට පරිසර දින උත්සවය කොළඹ – පිටකොටුව ප්‍රදේශයේ අද (05) උදෑසන සිට දහවල් දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.