― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහදිසියේම ගොඩබෑ හෙලිකොප්ටරය නිසා ගලෙන්බිදුණුවැව නොසන්සුන්තාවක්

හදිසියේම ගොඩබෑ හෙලිකොප්ටරය නිසා ගලෙන්බිදුණුවැව නොසන්සුන්තාවක්

ගලෙන්බිදුණුවැව – පලුගොල්ලාගම විද්‍යාලයේ ක්‍රීඩා පිටියට ඊයේ (04) පෙරවරුවේ පුද්ගලික සමාගමකට අයත් හෙළිකොප්ටර් යානයක් ගොඩබැස්සවීමත් සමඟ එම ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වුණා.

කිසියම් නීති විරෝධී කටයුත්තක් සඳහා පිරිසක් මෙම හෙළිකොප්ටර් යානයෙන් පැමිණ ඇති බවට ප්‍රදේශවාසීන් අතර සැකයක් මතුවීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් කොකාවැව පොලිසියෙන් සිදුකළ විමසීමකදී සඳහන් කර සිටියේ, පිළිකා රෝගියෙකු සඳහා ප්‍රදේශයේ පිහිටි දේවාලයකින් ආශිර්වාද ලබාගෙන යාම සඳහා මෙම පිරිස අදාළ හෙළිකොප්ටර් යානයෙන් මෙලෙස පැමිණ තිබූ බවයි.

වාහනයකින් ඊයේ (04) අලුයම් කාලයේ අදාළ රෝගියා දේවාලයට රැගෙන ආ බවට අනාවරණය වී ඇති අතර ඔහුට යළි එම වාහනයෙන් ගමන් කිරීමට පැවති අපහසුතාව මත ඔහුගේ ඥාතීන් විසින් මෙලෙස පුද්ගලික සමාගමකට අයත් හෙළිකොප්ටර් යානයක් ගෙන්වාගෙන රෝගියාව රැගෙන යාමට කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස හෙළිකොප්ටර් යානයෙන් ගොස් ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බවටයි අනාවරණය වී ඇත්තේ.