23.9 C
Colombo
Friday, December 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීන ජාතිකයෙක් 8 වැනි මහලින් වැටී ජීවිතක්ෂයට

චීන ජාතිකයෙක් 8 වැනි මහලින් වැටී ජීවිතක්ෂයට

කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙස, ඉදිකරමින් පවතින නිවාස සංකීර්ණයක 8 වැනි මහලින් වැටී චීන ජාතිකයෙකු මියගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ එම නිවාස සංකීර්ණයේ සහකාර ඉංජිනේරුවෙකු වශයෙන් කටයුතු කරන 24 හැවිරිදි තරුණයෙකි.

මොහු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිරීක්ෂණය කරමින් සිටියදී ඊයේ (04) සවස එම ගොඩනැගිල්ලෙන් බිමට වැටී ඇති අතර සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.