අද (06) උදෑසන 9.30 පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
එහිදී සිවිල් ගුවන්සේවා පනත, වෙළෙඳ නැව් පනත ඇතුළු පනත් කිහිපයක් යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත අතර උදෑසන 10.30 ට ආරම්භ වන විවාදය පස්වරු 5.00 දක්වා පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.
එසේම අද දිනයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිත අතර කොළඹ මහ නගර සභාව අද කාරක සභාව හමුවට කැඳවා ඇත.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට අද කැඳවා තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ බලශක්ති සහ ප්‍රවාහනය, පරිසරය ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය, විදෙස් රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවන් ද අද දිනයේ රැස්වීමට නියමිත බවයි.


