සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ මූල්‍ය වංචා සිදුවීම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසයි.
එමෙන්ම සිය පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයක් වෙත ලබාදීමේදී වඩා සැලකිලිමත් විය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
“මහජනතාවට කියන්න ඕනේ, කිසිම අවස්ථාවක තමන්ගේ පුද්ගලික තොරතුරු විශේෂයෙන්ම ජාතික හැදුනුම්පත් අංකය, ගමන් බලපත්‍ර අංකය, රියදුරු බලපත්‍ර අංකය, මේවායේ ඡායා පිටපත්, තමා පදිංචි ලිපිනය, පවුලේ තොරතුරු, ඒ වගේම ගිණුම් තොරතුරු, බැංකු ගිණුම් තොරතුරු, විශේෂයෙන්ම බැංකු ගිණුම් සඳහා එකවරක් ලැබෙන OTP අංකය වැනි තොරතුරු කිසිදු හේතුවක් නිසාවත් තමන් නොදන්නා පාර්ශවයක් වෙත ලබාදෙන්න එපා. ආකර්ෂණීය යෝජනාවලට රැවටෙන්න එපා. විවිධ යෝජනා එන්න පුළුවන්. මේවාට රැවටෙන්න එපා කියන දේ තමා අපිට මහජනතාවට කියන්න තියෙන්නේ ශ්‍රී ලංකා පොලීසිය විදියට. මෙවැනි වංචාකරුවන් සාමාජ මාධ්‍ය ඔස්සේ ඔබ වෙතට පැමිණෙන්න පුළුවන්. නමුත් නිත්‍යානුකූල ක්‍රම ඔස්සේ ගිහින් අපහසුතාවයන්ට පත්වෙන්න එපා. ඒ වගේම පුද්ගලයින් හඳුනන්නේ නැතුව මෙවැනි දේට යොමු වෙලා තමන් සතු දේපළ අහිමිකර ගන්න එපා.”


