30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික හා පළාත් පාසල්වලට ගුරුවරුන් 39,000ක්

ජාතික හා පළාත් පාසල්වලට ගුරුවරුන් 39,000ක්

ජාතික සහ පළාත් පාසල්වල ගුරු හිඟය සපුරා ගැනීම සඳහා ගුරුවරුන් 39,000ක් බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ගුරුවරුන් වෙනදා සංඛ්‍යාවට වඩා දෙගුණයක් මෙවර එකවර විශ්‍රාම යෑම නිසා බරපතළ ගුරු හිඟයක් ඇතිවූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

“විද්‍යා පීඨ ගුරුවරුන් හත්දාස් පන්සියයකට ලබන 16 වැනිදා පත්වීම් දෙනවා. ජාතික සහ පළාත් මට්ටමින් උපාධිධාරීන් විසිහයදාහක් බදවාගන්න අයදුම්පත් කැඳෙව්වා. ඒක දැන් අධිකරණය ඉදිරියේ තියෙන්නෙ. ඌන සේවා උපාධිධාරීන්ද මේ විභාගයට අයදුම් කරලා තියෙනවා. සෙනසුරාද විභාගය පවත්වන්න තිබුණා. බ්‍රහස්පතින්දා තහනම් කළා. අපි ඒ ගැන නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරනවා. ගණිතය, විද්‍යාව, තාක්ෂණවේදය භාෂා විෂයයන් සඳහා අවශ්‍ය ගුරුවරුන් හයදහස් බඳවා ගැනීමට අනුමැතිය සති දෙකක් ඇතුළත ලබාගන්නව. ජාතික පාසල්වලට පළාත් පාසල්වලට ඒ සඳහා අවසර දෙනවා. අධිකරණ කටයුතු අවසන් කර ගත්තොත් අපිට ගුරුවරුන් 26,000 බඳවා ගැනීම ඉක්මනින්ම කරන්න පුළුවන්.”