― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅන්තරේ පාගමනට වාරණ නියෝගයක්

අන්තරේ පාගමනට වාරණ නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්රු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 13 දෙනෙකුට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ.

කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය සහ කොළඹ කොටුව පොලිස් ස්ථාන කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර ඒ අනුව ඔවුන්ට අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ගාලුමුවදොර වටරවුමේ සිට එන්.එස්.ඒ. වටරවුම දක්වා මාර්ගයට ඇතුළු වීම අධිකරණය විසින් වළක්වා තිබේ.