― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබන්ධනාගාරගත කිරීම වෙනුවට විකල්ප ක්‍රමවේදයක්

බන්ධනාගාරගත කිරීම වෙනුවට විකල්ප ක්‍රමවේදයක්

වරදකරුවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ විකල්ප ක්‍රමවේදය මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

බන්ධනාගාර තදබදයට විසදුමක් ලෙස මෙන්ම සුළු වැරදි සම්බන්ධයෙන් වරදකරුවන්ට බන්ධනාගාරගත කිරීම වෙනුවට මෙම විකල්ප ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දියුණු විශෝධන ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන රටවල  නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බවය.

United Nations Standard Minimum Rules for Non-custodial Measures(The Tokyo Rules) මගින්ද මෙවැනි විකල්පයන් ප්‍රවර්ධනය කරන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදයේදී සුළු වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන මෙන්ම සුළු දඬුවම් ලබන රැඳවියන් බන්ධනාගාරගත නොකොට ඔවුන්ගේ නිවෙස්වලම නියමිත කාලය තුළ රැඳවීම සිදුකෙරේ.

තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන්ව අධීක්ෂණය කිරීම සිදුකරනු ලබයි. 

තවද සෞඛ්‍ය අවශ්‍යතා, රැකියා අවශ්‍යතා වැනි සීමා සහිත හා පෙර අනුමැතිය ලද කාර්යයන්ට පමණක් නිවසින් පිටතට යාමට ඔවුන්ට අවස්ථාව හිමිවෙයි. 

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මකවීම තුළ සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වන පිරිස් අඩුවීම හරහා බන්ධනාගාර තදබදය අවමවීම සිදුවන බවත් විශාල මුදලක් රජයට ඉතිරි වන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

තවද දඩ මුදල් ගෙවාගැනීමට නොහැකිවීම මත බන්ධනාගාරගත කිරීමෙන් ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමිවීම සිදුවෙන බවත් ඔවුන් බන්ධනාගාර තුළ රැඳවීම නිසා රජයට විශාල මුදලක් වැය කිරීමටද සිදුවන බවද සඳහන් කළේය. 

බන්ධනාගාරගත වන රැඳවියන් සඳහා නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම මගින් ඔවුන්ට රැකියාවකට යාමට අවස්ථාව ලැබීම තුළින් තම දඩ මුදල ගෙවාගැනීමට අවස්ථාව සැලසෙන බවද පැවසීය. 

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වනවිට බන්ධනාගාර ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛතාවයක් ලබාදෙමින් 05 අවුරුදු සැලැස්මකට අනුව ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ ප්‍රතිසංස්කරණයන්ට ලක්විය යුතු සුවිශේෂි අංශයන් හඳුනාගෙන කටයුතු කරනු ඇත.

එම 5 අවුරුදු සැලැස්ම තුළ බන්ධනාගාර තදබදය අවම කිරීමට ප්‍රමුඛතාවයක් ලබාදී තිබේ.

ඒ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් විසඳුම් යෝජනා කර ඇත. 

ඒ අනුව නිවාස අඩස්සියේ තැබීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අදාළව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද ව්‍යාපෘති යෝජනාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා විසින් අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතා වෙත භාරදී තිබේ.