― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජාත්‍යන්තර රතු කුරුස සමිතියේ නායකයින් ජනපති හමුවෙයි

ජාත්‍යන්තර රතු කුරුස සමිතියේ නායකයින් ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ හා ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සමිති සම්මේලනයේ (IFRC) නායකයන් අතර හමුවක් අද පෙරවරුවේ (07) සිදු වුණා.

ජූනි 6 සහ 7 දෙදින කොළඹ පැවැත්වෙන දකුණු ආසියාවේ රතු කුරුස සහ රතු අඩ සඳ සමාජවල නායකයන්ගෙන් සමුළුව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත් කිරීම මෙම හමුවෙහි මූලික අරමුණයි.

ලෝක ආපදා වාර්තාව 2022 ප්‍රකාශයට පත් කිරීම ද මෙම සමුළුවේ දී සිදු වූ අතර එහි පිටපතක් සහ ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩ සඳ සමිති සම්මේලනයේ ජාත්‍යන්තර ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණා.

ශ්‍රී ලංකා රතු කුරුස පනත බලාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී නියෝජිත පිරිස විසින් ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
පනත බලාත්මක කිරීම ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ මෙහෙයුම් ධාරිතාව ශක්තිමත් කිරීමට සහ රට පුරා සිටින අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට කාර්යක්ෂම සේවා සැපයීමට ඉවහල් වන බව ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ඒ කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමටත්, එමගින් ශ්‍රී ලාංකීය ජනතාවගේ සුබසාධනය තහවුරු කිරීමටත් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ නියෝජිතයන් සමග සාකච්ඡා කරනු ලැබුවා.

මානුෂීය ගැටලු විසඳීමේ දී සහ ආපදාවන්ට මුහුණදීමේ දී ජාත්‍යන්තර මානුෂීය සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ද ජනාධිපතිවරයා මෙහිදී සහතික කළා.