27.8 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ට්‍රම්ප්ට නියෝග

අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ට්‍රම්ප්ට නියෝග

අධිචෝදනා ගොනු කළ තමාට ලබන අඟහරුවාදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර ඇති බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මියාමි නුවර ෆෙඩරල් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස තමාට දැනුම්දී ඇති බවයි හිටපු ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ.

හිටපු අමෙරිකානු ජනාධිපතිවරයෙකුට එවැනි අත්දැකීමකට මුහුණපෑමට කිසිදු දිනෙක සිදුවේ යැයි තමා අපේක්ෂා නොකළ බවයි ඔහු එම සටහනෙන් දක්වා ඇත්තේ.

රහස්‍ය ලිපිගොනු වැරදි ලෙස පරිහරණය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රප්ම්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ක්‍රියාත්මක වන පසුබිමක මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.