පසුගිය සතියට සාපේක්ෂව මෙරට කොරෝනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 35% කින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව කොරෝනා මරණ සංඛ්‍යාව ද 15% කින් ඉහළ ගොස් ඇති බව කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේය.
මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් ලක්ෂ 11කට අධික පිරිසකට එන්නත්කරණය සඳහා ජංගම එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කර ඇති බවත් මෙවැනි තත්ත්වයක් යටතේ කොරෝනා මර්දන බූස්ටර් මාත්‍රාව ලබාගැනීම කඩිනමින් සිදු කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.
මේ අතර පෙරේදා දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 36ක් ඊයේ වාර්තා කර වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,692 ක් දක්වා ඉහළ ගොස් ඇත.
තවත් කොරෝනා ආසාදිතයින් 1263 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 623,248 ක් දක්වා ඉහළ ගියේය.