― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබිත්තර මිලත් ඉහළට

බිත්තර මිලත් ඉහළට

සත්ත්ව ආහාරවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළයාම හේතුවෙන් බිත්තර නිෂ්පාදකයන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්. එම්. බී. ආර්. අලහකෝන් පවසයි.

හුණු සහල් සෝයා සහ බඩ ඉරිගුවල මිල ගණන් මෙලෙස ඉහළ ගොස් ඇති අතර රුපියල් 3000ක මිලට පැවති සත්ත්ව ආහාර මිටියක මිල මේ වන විට රුපියල් 6000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට ලක්ෂ අසූවක් වන දෛනික බිත්තර පරිභෝජනයෙන් ලක්ෂ හැටපහකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ වයඹ පළාත තුළින් වන අතර එම පළාත තුළ ගොවියන් ලක්ෂ හතරක් පමණ මෙම කර්මාන්තයේ නියැළී සිටියි.

නමුත් මේ වනවිටත් බිත්තරයක නිෂ්පාදන පිරිවැය හා සැසදීමේදී දැනට වෙළෙඳපොළ තුළ පවතින මිල ගණන්වලට බිත්තර අලෙවි කිරීමේ හැකියාවක් නොමැති බැවින් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකිව නිෂ්පාදකයින් සියයට විස්සක් පමණ මේ වන විට කර්මාන්තයෙන් ඉවත් වී තිබේ.

එබැවින් මේ සම්බන්ධව බලධාරීන් මැදිහත්වීමක් නොකළහොත් බිත්තර නිෂ්පාදනයේ නිරතවූවන් කිහිප දෙනෙකු අත පමණක් මෙම කර්මාන්තය රදා පැවතීම හේතුවෙන් ඉදිරියේදී බිත්තරයක මිල රුපියල් 50ක් වැනි අධික මිලක් දක්වා ඉහළයාම නැවතිය නොහැකි බව නිෂ්පාදකයන් සඳහන් කරයි.