27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දීය ගුවන් යානයක් පාකිස්ථාන ගුවන් සීමාව හරහා ගමන් කරලා

ඉන්දීය ගුවන් යානයක් පාකිස්ථාන ගුවන් සීමාව හරහා ගමන් කරලා

ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයක් පෙරේදා ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් බලා පිටත් විය.

ගුවන් යානය පාකිස්ථාන දේශසීමාවට යාබද ප්‍රදේශයේ ගමන් කරන විට එම ප්‍රදේශයේ අයහපත් කාලගුණයක් පැවතීම හේතුවෙන් එහි ප්‍රතිඵලයක් ලෙස යානය හදිසියේ පාලක මැදිරිය සමඟ සබඳතා බිඳ වැටී පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළු වී තිබේඉ.

පසුව මෙම යානය ලාහෝර් අසළ ගුජ්රන්වාලා ප්‍රදේශයට පැමිණ ඇති අතර ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම යානය රාත්‍රී 7.30ට ලාහෝරයට උතුරින් පකිස්ථානයට ඇතුළු වී ඇති අතර රාත්‍රී 8.01 ට නැවත ඉන්දීය ගුවන් සීමාවට ඇතුළු වී ඇති බවයි.

එය පැය භාගයක පමණ කාලයක් පකිස්ථාන ගුවන් සීමාව හරහා ගමන් කිරීමෙන් අනතුරුව කිසිදු අනතුරකින් තොරව යළි ඉන්දීය භූමියට පැමිණි බවයි වාර්තා වන්නේ.