― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරිය අනතුරකින් මව, පියා හා පුතා ජීවිතක්ෂයට

රිය අනතුරකින් මව, පියා හා පුතා ජීවිතක්ෂයට

අද (12) අලුයම කොළඹ – කුරුණෑගල මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැරදි මංතීරුවේ ධාවනය වූ ත්‍රිරෝද රථයක් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතිර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරින් මියගොස් ඇත්තේ එකම පවුලේ මව, පියා සහ පුත්‍රයා බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ රඹුක්කන, කොටවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර ඔවුන් අවුරුදු 40, 39 සහ 13 යන වයස්වල පසුවූවන් බව සඳහන්. පියා විසින් මෙම ත්‍රිරෝද රථය පදවාගෙන ගොස් ඇති අතර ඔහුට රියදුරු බලපත්‍රයක් නොමැති බවටද තහවුරු වී තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටිය දී මොවුන් මෙම අනතුරට මුහුණ පා ඇති අතර ත්‍රිරෝද රථය පැදවූ පියාට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

අනතුර සම්බන්ධයෙන් වරකාපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.