26.7 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුහල්පතිවරයෙක් දුම්රියට බිලිවෙයි

විදුහල්පතිවරයෙක් දුම්රියට බිලිවෙයි

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ විශේෂ දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව නානුඔය පොලිසිය පවසයි.

නුවරඑළිය, නානුඔය පොලිස් වසමට අයත් රැදැල්ල සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයේදී (11) මෙම අනතුර සිදුව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ නුවරඑළෛය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නානුඔය දෙමළ විද්‍යාලයේ විදුහල්පති කතිර්වේලු සුබ්‍රමනියම් (අවු. 52) නම් අයෙකි.

පාසල් නිවාඩුවෙන් පසුව අධ්‍යාපන කටයුතු සඳහා පාසල විවෘත කිරීම ප්‍රථම (11) දින පාසලේ ශ්‍රමදානයක් පවත්වා විදුහල්පතිවරයා ඔහු පදිංචි නානුඔය කල්කාන්ති වත්තට සුපුරුදු පරිදි දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදීයි මෙලෙස දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.