― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsBusinessරුපියල අදත් පහළට

රුපියල අදත් පහළට

භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ අගය ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 290.06ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අගය රුපියල් 303.73ක් ලෙසටයි දැක්වෙන්නේ.

මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද මධ්‍යම විනිමය අනුපාතිකය රුපියල් 296.24ක් වන අතර එය පෙබරවාරි 24 වැනිදා රුපියල් 362.66 ක් තරම් ඉහළ අගයක් විය. අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

සිකුරාදා (09) දිනට සාපේක්ෂව මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 285.14 සිට රුපියල් 288.06ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රුපියල් 302.01 සිට රුපියල් 305.11 දක්වා ඉහළ ගොස් ඇති බවයි දැක්වෙන්නේ.

කොමර්ෂල් බැංකුවේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය සිකුරාදා දිනට සාපේක්ෂව රුපියල් 286.04 සිට රුපියල් 288.02 ක් දක්වා ඉහළ ගිය අතර විකුණුම් මිල රුපියල් 301 සිට රුපියල් 303ක් දක්වා වැඩිවී තිබෙනවා.

සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත ඉහළ ගොස් ඇත්තේ රුපියල් 288 සිට රුපියල් 290ක් සහ රුපියල් 300 සිට රුපියල් 302 දක්වායි.