― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආසියාවේ විශිෂ්ඨතම විද්‍යාඥයන් 100 අතරට මෙරට 04ක්

ආසියාවේ විශිෂ්ඨතම විද්‍යාඥයන් 100 අතරට මෙරට 04ක්

ලොව සුප්‍රකට ‘ඒෂියන් සයන්ටිස්’ (ASIAN SCIENTIST) සඟරාව විසින් 2023 වසරේ විශිෂ්ඨතම ආසියානු විද්‍යාඥයන් 100 අතරට ශ්‍රී ලාංකිකයන් 04දෙනෙකු නම් කර තිබේ.

‘ඕෂන්ස්වෙල්’ නිර්මාතෘ ආශා ඩිවෝස්, වෛද්‍ය රොහාන් පෙතියාගොඩ, කොළඹ විශ්වවිද්‍යාලයේ චතුරංග රණසිංහ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ අශානි සවින්ද රණතුංග යන සිව්දෙනායි මෙලෙස එම ලැයිස්තුවට ඇතුළත් වී ඇත්තේ.

ආශා ඩිවෝස් සමුද්‍ර ජීව විද්‍යාඥවරියක්, අධ්‍යාපනඥයෙක් සහ නිල් තල්මසුන් පිළිබඳ පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක්ද වන අතර ඇය සමුද්‍ර ක්ෂීරපායී පර්යේෂණ පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයාද වෙයි.

ආචාර්ය රොහාන් පෙතියාගොඩ සත්ව විද්‍යාවෙන් 2022 ලිනියානු පදක්කම දිනාගත් අතර එම පදක්කම ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්විය. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව සංරක්ෂණය පිළිබඳ ඔහුගේ නිරන්තර පර්යේෂණ, ලේඛන සහ උපදේශනය ලොව පුරා පිළිගැනීමට ලක්ව තිබේ.

චතුරංග රණසිංහ 2022 වසරේ 7 වැනි Sheikh Fahad Hiroshima-Asia Sports Medicine and Science Award ලබා ගැනීමට සමත් වූ අතර මෙම සම්මානය වසර හතරකට වරක් ආසියාවේ වෛද්‍ය විශේෂඥයකුට ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවට දක්වන දායකත්වය වෙනුවෙන් පිරිනමනු ලබයි.

කාර්මික සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කිරීම සහ පරිසර හිතකාමී ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතා කිරීම වෙනුවෙන් අශානි සවින්ද රණතුංග 2022 OWSD-Elsevier පදනමේ සම්මානයෙන් පිදුම්ලබා තිබේ.

Asian Scientist යනු සම්මානලාභී විද්‍යා සහ තාක්ෂණ සඟරාවක් වන අතර එය ආසියාවේ විද්‍යා ක්‍රියාකාරකම්වලට අදාළ පුවත් ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත වාර්තා කරනු ලබයි