30.6 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසර 23කට පසු යළි ප්‍රංශය බලා යන ශ්‍රී ලංකන් ගුවන් යානය

වසර 23කට පසු යළි ප්‍රංශය බලා යන ශ්‍රී ලංකන් ගුවන් යානය

වසර 23 ක සේවයෙන් පසුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ – 330 – 200 පළමු ගුවන් යානය යළිත් ප්‍රංශය වෙත භාර දීමට සූදානම් කර තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ප්‍රංශයේ එයා බස් සමාගමෙන් ලීසිං පදනම මත මෙම ගුවන්යානය ලබාගෙන ඇති අතර ඒ.300 – 200 කාණ්ඩය යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබා ගෙන ඇති පළමු ගුවන් යානයද මෙයයි.

මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 18 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 251 ක් තිබේ.

මෙම යානය ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ලන්ඩන් හීත්‍, ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට්, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, රුසියාවේ මොස්කව් වැනි දිගු දුර ගමනාන්ත වෙත සේවය සදහා යොදවා තිබූ අතර මේ වනවිට මෙම ගුවන් යානය පියාසර පැය ලක්ෂයක් සම්පූර්ණ කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසන්නේ.