― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසෞඛ්‍ය සේවයේ දැවැන්ත වෙනසක්

සෞඛ්‍ය සේවයේ දැවැන්ත වෙනසක්

ලබන 27 වැනිදාට පෙර නවක වෛද්‍යවරුන් 406ක් සීමාවාසික පුහුණුව සඳහා එක්කරමින් මෙරට සෞඛ්‍ය සේවයට බඳවාගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තුම්පනේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

එමෙන්ම හෙද සේවාව සඳහා ඉදිරි මාසය වනවිට 2200ක් බඳවා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

සෞඛ්‍ය සේවා නිලධාරීන් 222ක් සඳහා පසුගියදා පත්වීම ලබාදුන් බවත් තවත් 600ක් පමණ පිරිසක් පුහුණු කරමින් මෙම සේවාව සඳහා එක්කර ගැනීමට නියමිත බවත අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.