26.7 C
Colombo
Friday, May 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ් මුල්ආරම්භය ගැන අමෙරිකා බුද්ධි අංශ වාර්තාවක්

කොවිඩ් මුල්ආරම්භය ගැන අමෙරිකා බුද්ධි අංශ වාර්තාවක්

කොරෝනා වසංගතයේ මුල්ආරම්භය පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති බව අමෙරිකානු බුද්ධි අංශ පවසයි.
 
දැනට පවතින තොරතුරු අනූව වෛරසය මිනිසා නිෂ්පාදනය කළේ ද යන්න තහවුරු කිරීම අපහසු බව, වාර්තාවක් නිකුත් කරමින් බුද්ධි අංශ පෙන්වා දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් මීට පෙර දෙවතාවක් චීනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරිණ.
 
එහිදී පරීක්ෂා කෙරුණේ , මෙම වෛරසය විද්‍යාගාරයක් තුළින් නිෂ්පාදනය කළ බවට ප්‍රකට වී ඇති මතය සම්බන්ධයෙනි. නමුත් එම පරීක්ෂණ දෙකේ දීම විශේෂ තොරතුරක් අනාවරණය කර ගැනීමට අපොහාසත් විය.
 
මේ නිසා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් වසංගතයේ මූලාරම්භය පිළිබඳ වාර්තාවක් දෙන ලෙස එරට බුද්ධි අංශවලට නියෝගයක් කර තිබිණ.
 
එම වාර්තාවෙන් දැනට එල්ල වී ඇති චෝදනාවලින් චීනය නිදහස් කර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.