― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයැදුම්පත් කැඳවයි

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයැදුම්පත් කැඳවයි

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීම සඳහා අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවා තිබේ.

මේ යටතේ මුහුදු බඩ මාර්ගයේ කොම්පඤ්ඤ වීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය හා වැල්ලවත්ත යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඉඩම් බදු දීමට අපේක්ෂිතයි.

ලබන 24 වැනිදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින අතර එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ඒ යටතේ සංචාරක ප්‍රවර්ධනය හා වෙනත් කටයුතු සඳහා අයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් යෝජනා ලබා දෙන්නැයි ඉල්ලා ඇති බවයි.

මීට අමතරව උඩරට මාර්ගයේ සංචාරක ආකර්ශනයක් ඇති පරිසර පද්ධති ආශ්‍රිත දුම්රිය ඉඩම් ද බදු දීම සඳහා අයැදුම්පත් කැඳවා ඇත.