― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකඩාවැටුණු ගේට්ටුවට යට වී දරුවෙක් ජීවිතක්ෂයට

කඩාවැටුණු ගේට්ටුවට යට වී දරුවෙක් ජීවිතක්ෂයට

මුලතිව්, කේප්පාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී ඊට යටවීමෙන් වයස අවුරුදු තුනක දරුවෙකු ඊයේ(14) ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව්, මුල්ලියාවේලි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ කේප්පාපිලව් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තුනක් වූ ආදවන් ලිදුසිකන් නමැති දරුවෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ගේට්ටුවේ එල්ලී දරුවා සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ ගේට්ටුව ගැලවී දරුවාගේ ඇඟ මතට කඩා වැටී ඇති බවද පොලිසිය පැවසූහ. ගේට්ටුව ඇඟ මතට කඩා වැටීමෙන් තුවාල ලැබූ දරුවා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දරුවාගේ මළ සිරුර මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර දෙමාපියන් වෙත භාරදීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.