30 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසබ්රි ගැන කතානායක රේගුවෙන් වාර්තාවක් කැඳවයි

සබ්රි ගැන කතානායක රේගුවෙන් වාර්තාවක් කැඳවයි

නීතිවිරෝධී ආකාරයට රත්තරන් හා ජංගම දුරකතන තොගයක් මෙරටට ගෙන ඒමේ සිද්ධියට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම්ගේ සිදුවීම සම්බන්ධයෙන් කතානායකවරයා විශේෂ වාර්තාවක් කැඳවා තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුර්ණ වාර්තාවක් කඩිනමින් ලබා දෙන්නැයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන් බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ.

අලි සබ්රි රහිම්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින්ගෙන් අදහස් ඉදිරිපත් වීම හේතුවෙන් අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම වාර්තාව කැඳවා ඇති බවයි කතානායකවරයා අවධාරණය කළේ.