― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportLPL වෙන්දේසියේ වැඩිම මිල ඩිල්ෂාන් මධුසංඛට

LPL වෙන්දේසියේ වැඩිම මිල ඩිල්ෂාන් මධුසංඛට

ඊයේ (14) කොළඹ පැවති 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මුදලක අලෙවි ක්‍රීඩකයා බවට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක සමත් විය.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් ඔහු අමෙරිකානු ඩොලර් 92,000ක මුදලකට මිලදී ගනු ලැබීය.

ඔහු T20 තරඟ 11 කදී කඩුලු 12 ක් පමණක් දවාගෙන ඇතත් ඔහු දැනටමත් ජාත්‍යන්තර වේදිකාවේ ඔහුගේ හැකියාවන් පෙන්නුම් කර ඇත. ඔහු ආසියානු කුසලානයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 24කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. විරාත් කෝලි දැවී යාම ඔහුගේ දක්ෂතාවයට කදිම සාක්ෂියකි.

මෙම වෙන්දේසියට දේශීය ක්‍රීඩකයින් 254 ක් සහ විදෙස් ක්‍රීඩකයින් 156 ක් දෙනෙකු ඇතුළත් විය.