ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ආශ්චර්යමත් ගැහැණු ළමයෙකු උපත ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය කාන්තාවකට දාව උපන් මෙම ගැහැණු දරුවාට කකුල් 04ක්, අත් 04ක්, කන් 04ක් සහ හදවත් 02ක් පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම දරුවාගේ සිරුර පරීක්ෂා කිරීමේදී හදවත් 2ක් ඇති බව අනාවරණය වීමත් සමඟ වෛද්‍යවරු දරුවා දැඩි සත්කාර ඒකකයට මාරුකර යවා ඇත.
කෙසේ වෙතත් ප්‍රතිකාර නොලබා ඉපදී විනාඩි 20ක් ඇතුළත ඉහත කී බිළිඳා අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.