31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorld100කට අධික පිරිසකට දිවි අහිමි කළ නයිජීරියාවේ බෝට්ටු අනතුර

100කට අධික පිරිසකට දිවි අහිමි කළ නයිජීරියාවේ බෝට්ටු අනතුර

නිරිතදිග නයිජීරියාවේ නයිජර් ගඟාවේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් පෙරලීයාමෙන් පුද්ගලයින් 106 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම තවත් 150කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති අතර 144 ක් පමණ බේරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මගීන් 300ක් පමණ රැගත් යාත්‍රාවක් වන අතර ක්වාරා ප්‍රාන්තයේ සිට නයිජර් ප්‍රාන්තය දක්වා මංගල උත්සවයට සහභාගී වී පැමිණෙමින් සිටි පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.

සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරන අතර යාත්‍රාවේ කොටසක් කඩා වැටීමෙන් පසු බෝට්ටුව පෙරළී ගොස් ඇති බවයි, ක්වාරා ප්‍රාන්ත පොලිසිය පැවසුවේ.