දකුණු පැසිෆික් සාගරයේ ටොංගා දුපතට ආසන්න ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයකින් සටහන් වී තිබේ.
එය ටොංගා දුපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 280 පමණ කලාපයක් දක්වා දැනී ඇති අතර මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවට අමෙරිකානු කාලගුණ විද්‍යා කාර්යාංශය පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.