26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඅද රුපියල යළි ඉහළට

අද රුපියල යළි ඉහළට

අද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ඉහළ යාමක් පෙන්නුම් කෙරෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 300.51ක් වන අතර විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 319.66ක් ලෙසටයි. ඊයේ මහ බැංකු වාර්තාවට අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 311.60ක් ලෙසටත් විකුණුම් මිල රුපියල් 328.92ක් ලෙසටත් දැක්වුණා.

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක අද දිනයේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා. මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල අද දැක්වුණේ රුපියල් 301.69ක් ලෙසටයි. එහි විකිණුම් මිල රුපියල් 319.54ක් ලෙසට දැක්වෙනවා. ඊයේ මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315.31ක් වූ අතර විකුණුම් මිල රුපියල් 333.97 ක්ව තිබුණා.

අද කොමර්ෂල් බැංකුවේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 296.92ක් වන අතර විකුණුම් මිල රුපියල් 320ක් වනවා. සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක අද ගැනුම් මිල රුපියල් 301ක් වන අතර විකුණුම් මිල දක්වෙන්න රුපියල් 318ක් ලෙසටයි.