29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපුරේ සරසවි සිසුවෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට

ජපුරේ සරසවි සිසුවෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මහරගම, කටුවාවල ප්‍රදේශයේ එම විශ්වවිද්‍යාලය මගින් කුළී පදනම මත පවත්වාගෙන යන ශිෂ්‍ය නේවාසිකාගාරයක බිම් මහලේ එල්ලෙමින් තිබියදී මෙම සිසුවාගේ සිරුර සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

මේ බව දැක ඇති නේවාසිකාගාරයේ අනෙක් සිසුන් ලණුව කපා දමා, ඔහුව බිමට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

එම නේවාසිකාගාරයේ තවත් සිසුන් 64කට ආසන්න ප්‍රමාණයක් නේවාසිකව සිටින අතර මෙලෙස මරණයට ලක්ව ඇත්තේ යාපනය, කයිට්ස් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.